Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Sunday, May 8, 2016





ලිංගිකත්වය කියන්නේ අපි හැමෝටම අදාළ දෙයක්. ඉතින් Sexual orientation එහෙම නැත්නම් ලිංගික හැඩගැස්ම , මොකක්ද මේ? මම හිතනවා අපි මේ ගැන හරියට දැනගෙන ඉන්න ඕන කියල. මිනිසුන් තුල අනෙක් පිරිමියෙක්, ගැහැණියක් හෝ දෙපාර්ශවයම පිලිබඳ ඇතිවන ආදරණීය හෝ ලිංගික ආකර්ෂණය, හැඟීම් පහළවීම ආදිය එයාගේ ලිංගික නැමියාව විදියට හඳුන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ආදී ආකර්ෂණයන්, හැඟීම් වලට දක්වන සංවේදීතාවය, ඒ හා සම්බන්ධ හැසිරීම් හා සමාජයේ අන් අය හා දක්වන සම්බන්ධතා වල එකතුවක් විදියටත් හඳුන්වන්න පුළුවන්. කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම විෂම ලිංගිකයෙකු කෙරෙහි දක්වන දැඩි ආකර්ෂණයේ සිට සිට සමාන ලිංගිකයෙකු කෙරෙහි දක්වන දැඩි ආකර්ෂණය දක්වා වෙනස් වෙනවා. ඒ අනුව අපිට ලිංගික හැඩගැස්ම විෂම ලිංගික, සම ලිංගික හා උභය ලිංගික(bisexual ) විදියට වෙන්කර පෙන්වන්න පුළුවන්. ලිංගික හැඩගැස්ම, ලිංගිකත්වය හා ලිංග භේදයෙන් ( sex and gender) වෙනස්. ජීව විද්‍යාත්මක ලිංගිකත්වය කියන්නේ කායිකව, කාය කර්මීයව හා ජානමය වශයෙන් පුද්ගලයෙක් ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් හැදින්විමයි. ලිංගික අනන්‍යතාවය (Gender identity ) කියන්නේ මානසිකව කෙනෙක් ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් හැදින්වීම. ඒ වගේම සමාජීය වශයෙනුත් කෙනෙකුගේ ලිංගිකත්වය වෙනස් වෙනවා එයාගේ සමාජීය භූමිකාව උඩ. නමුත් ලිංගික හැඩගැස්ම මේ ඔක්කොගෙන්ම වෙනස්. ලිංගික හැඩගැස්ම කෙනෙකුගේ ලිංගිකත්වය හා ලිංගභේදය එක්ක කතා කරන එක තමයි සාමාන්‍ය විදිය. ඒත් ඒක පුද්ගලීය වශයෙන් කතාකරන එක අසම්පුර්ණ දෙයක්. මොකද ලිංගික හැඩගැස්ම නිර්වචනය වෙන්නේ අනිත් අයත් එක්ක තියන හැසිරීම එක්ක (ඒක අත් අල්ලාගෙන ඉන්න එක හාදුවක් දෙන එක වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්). ඒ එක්කම ලිංගික හැඩගැස්ම තදින්ම ආදරය අවශ්‍යවීම, අනුරාගී ආකර්ෂණය, දැඩි මිත්‍රත්වය වගේ ආත්මීය බැඳීම් එක්ක තදින්ම එකතුවුණු දෙයක්. ලිංගික හැසිරීම් වලට අමතරව මේ බැඳීම්, සහකරු සමඟ පවතින ලිංගික නොවන කායික බැඳීම්, එකම අරමුණු, සහ බලාපොරොත්තු වෙනුවෙන් සුදානම් වීම, එකිනෙකාට උපකාරවීම, සහ ඉදිරියට පවතවාගෙන යන බැඳීම් සහ නොකැඩෙන අවධානය වගේ දේවල් එක්කත් සම්බන්ධවෙනවා. අන්න ඒ නිසා ලිංගික හැඩගැස්ම හුදෙක් පුද්ගලීය වශයෙන් පවතින දෙයක් විතරක් නෙවි කියල අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට කොහොමද කෙනෙක් දැනගන්නේ තමන් අයිති මොන කණ්ඩායමටද කියල? විද්‍යාත්මක සහ වෘත්තීය අවබෝධයන්ට අනුව පුද්ගලයෙකුගේ මූලික වැඩිහිටි ලිංගික හැඩගැස්ම සඳහා පදනම වැටෙන්නේ එයාගේ මධ්‍ය ළමා අවධියේ සහ මුලික යෞවන අවධියේදී. මෙම භාවාත්මක, අනුරාගී, සහ ආදරණීය රටාවන් පූර්ව ලිංගික අත්දැකීම් ඇතිව හෝ නැතිව ඇතිවෙන්න පුළුවන්. කෙනෙක්ට බ්‍රහ්මචාරී වෙන්න පුළුවන්, ඒත් එයා දන්නවා එයා විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියල. එක එක විෂම ලිංගික, සම ලිංගික හා උභය ලිංගික අයට එක එක විදියේ අත්දැකීම් තියනවා එයාලගේ ලිංගික හැඩගැස්ම ගැන. සමහරුන්ට ලිංගික අත්දැකීමක් ලබන්න ගොඩාක් කාලෙකට කලින් තමන්ගේ අනන්‍යතාවය දැනෙනවා. සමහරු ලිංගික අත්දැකීම් ලබනවා එයාලා තමන්ගේ ලිංගික හැඩගැස්ම හරියට තේරුම් ගන්න ගොඩාක් කාලෙකට කලින්. මොනවා හින්දද කෙනෙක්ට අනන්‍ය ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නේ? ඇත්තම කියන්න විද්‍යාඥයෝ අතරත් පොදු එකඟතාවයක් නැහැ මොකක් හින්දද හරියටම කෙනෙක් විෂම ලිංගික, සම ලිංගික හෝ උභය ලිංගික වෙන්නේ කියලා. ඒත් ගොඩාක් පර්යේෂණ අධ්‍යනය තියනවා ලිංගික හැඩගැස්ම ඇතිවිය හැකි විවිධ ජානමය, හෝර්මෝනමය, මානසික, සමාජීය, සංස්කෘතික සහ පරිසර සාධක සම්බන්ධයෙන්. නමුත් එකදු පර්යේෂණයක් වත් ඔප්පු කරලා නැහැ, කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම ඇතිවෙන්නේ මෙන්න මේ හින්දමයි කියන්න පුළුවන් විදියේ දෙයක්. ගොඩක් අය විශ්වාස කරනවා ස්වභාවධර්මය වගේම විකසනයත් සංකීර්ණ චරිතයක් රඟපානවා කියල කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම ඇතිකිරීම පිළිබඳව. ඒත් කිසිම කෙනෙකුට හැඟීමක් ඇතිවෙන්නේ නැහැ මේක තමන්ගේ ලිංගික හැඩගැස්ම තෝරා ගැනීමක් (choice) කියලා. ඒ නිසා ඒක ඒ විදියට අර්ථ දක්වනවානම් ඒක වැරද්දක්.
Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger