Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Friday, November 6, 2015



යෝනි මාර්ගය තෙත්ව තැබීම හා යෝනි මාර්ගය තුල වු දේ එලියට තල්ලු කිරීම විෂ බීජ ඇති වීම පාලනය කිරීම හා යම් දුරකට විනාශ කිරීම යෝනි මාර්ගයෙන් පිටවන ස‍්‍රාවයන් තුළින් සිදු වන ප්‍රධාන කාර්ය වේ.


*සාමාන්‍යයෙන් ඇතිවන යෝනි මාර්ගයේ ස‍්‍රාවයේ ලක්ෂණ මොනවාද?
*ස‍්‍රාවයේ වර්ණය
එය පැහැදිලි දියරමය තත්වයේ සිට සුදු පැහැයක් දක්වා වෙනස් විය හැක.
*ස‍්‍රාවයේ ඝණත්වය
වතුර වැනි තත්වයක සිට ඇලෙන සුලු උකු තත්වයක් දක්වා වෙනස් විය හැක.
*ස‍්‍රාවයේ ඝන්ධය
අප‍්‍රසන්න ඝන්ධය වහනය වීම සිදු නොවේ.
මෙසේ විවිධාකාර ලක්ෂණ ඇතිවීමට හේතුව මාස් ශුද්දියෙහි ඇතිවන බලපෑමයි

*අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයේ ස‍්‍රාවයන් ඇතිවීමට හේතු මොනවාද?
යෝනි මාර්ගයේ ඇතිවන විෂ බීජ තත්වයන් මීට ප‍්‍රධාන වශයෙන් බලපායි
මීට අමතරව සාමාන්‍ය තත්ව යටතේදී විශේෂයෙන්
ගැබිනි තත්වයකදී
අධික මානසික ආතතිය හා
යෝනි මාර්ගය උත්තේජනයකදි මෙසේ ස‍්‍රාවයේ ප‍්‍රමානය වැඩි විය හැක.
කලාතුරකින යෝනි මාර්ගයේ, ගැබ් ගෙලෙහි හෝ ගර්භාෂයෙ පිලිකා තත්වයකදී මෙවැනි තත්ව ඇතිවිය හැක
දිය වැඩියා රෝගින්ගේ ද යෝනි මාර්ගය ආශ‍්‍රිත විෂ බීජ තත්ව වැඩිවශයෙන් ඇති වේ.

*එහිදී ඇතිවන ලක්ෂණ මොනවාද?

ස‍්‍රාවයේ වර්ණයහි ඇතිවන වෙනස් වීම් - එය කහ පැහැයේ සිට තද කොල පැහැයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝණත්වයහි ඇතිවන වෙනස් වීම් - පෙන සහිත ස්වභාවයක සිට ඝන වූ තත්වයක් දක්වා වෙනස් විය හැක.
අප‍්‍රසන්න ඝන්ධයක් වහනය වීම
වෙනදාට වැඩිය ස‍්‍රාවයේ ප‍්‍රමාණය වැඩි වීම
යෝනි මාර්ගය රතුවීම , දැවිල්ල, ඉදිමීම හා කැසීම
උග‍්‍ර අවස්තා වලදී රුධිරය වහනය වීම

*මෙවැනි තත්ව වලක්වා ගැනීමට ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?
යෝනි මාර්ගය අවට පිරිසිදුවට තබා ගැනීම.
යෝනි මාර්ගය අවට විවිධ ආලේපන වර්ග හා පවුඩර් වර්ග ගැල්වීමෙන් වැලකීම.
යට ඇදුම් හිරට ඇදීමෙන් වැලකීම හා නයිලෝන් වැනි දේවල් වලින් තැනූ යට ඇදුම් භාවිතා නොකිරීම.
දියවැඩියා රෝගියෙක් නම් මනා ලෙස රුධිරයේ සීනි පාලනය.

*වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්තාවේදීද?
මෙම තත්වය සතියකට පමණ වඩා කාලයක් තිබීම.
යටි බඩෙ වේදනාව ඇති වීම
මූත‍්‍රා දැවිල් මේ සමග ඇතිවීම
යෝනි මාර්ගය අවට බිබිලි ඇතිවීම හා උන ගැනීම
අධික ලෙස වතුර තිබහ ඇති වීම, කෙට්ටු වීම, අධික ලෙස මූත‍්‍රා පිටවීම. මෙය දිය වැඩියා තත්වයක ලක්ෂණ විය හැක
දරුවකු වැඩිවියට පැමි”මට පෙර යෝනි මාර්ගයෙන් අධික ලෙස ස‍්‍රාවයන් ඇති වීම
සමාජ රෝගයක් ඇති වීමට ඇති ඉඩ වැඩි යැයි සැක කරන අවස්තාවකදී.

Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger