Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Tuesday, November 24, 2015





පැරණි කාලයේ නම් කාන්තාවන්ගේ මොලේ තියෙන්නේ හැදී මිටේ කියලා කිවුවට දැන් කාලේ තරුණියන් නම් ගොඩක් කපටි වගේම නුවණින් ඉන්නෙත් ගොඩක් ඉහල තැනක. අද සමාජයේ තරුණයෝ හිතන්නේ මගේ කෙල්ල යාලුවෙලානේ ඉන්නේ දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් ඔබගේ පෙම්වතිය ඔඛෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වන බව ඔබ දන්නවද. ඒවා වචනයෙන් නම් එයාලා කියන්නේ නැහැ ඉතින් ඒවා අපි අනිවාර්යෙන්ම දැනගන්නම ඕනනේ අන්න ඒ පිලිබදව තොරතුරු ටිකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ.

1.කාන්තාවන් කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා ඔබගේ ආදරවන්තියට මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දෙයින් ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි.

2.වෙනත් කාන්තාවක් ඉදිරියේ ඔබගේ පෙම්වතියගේ හෝ බිරිදගේ අඩුපාඩුවක් කවදාවත්ම කියන්න එපා. එයින් සිදුවන්නේ ඇයට පිළිබදව කේන්තියක් හෝ සිත් අමනාපයක් පමණයි මොකද කාන්තාවන් කොහොමත් ඉරිසියයිනේ.

3.ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි. හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා.

4.අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.

5.හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්ණ පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න. එයින් ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි.


Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger