Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Saturday, October 31, 2015



පොළොවට හොඳට බර දැනෙන්න ඇවිදින්න. මුළු ලෝකයම ඔයාගේ කියලා ආඩම්බරයෙන් ඇවිදගෙන යන්න. ඔයා ලස්සනයි දුවේ. මිනිස්සු ඔයා දිහා හැරිලා බලයි. ඒත් ඔයා හැරෙන්න එපා. දිගටම ඔයාගේ ගමන යන්න කියලා අවුරුදු 11ක දැරියක්ව සිටි කාලයේදී තමාගේ අම්මා තමාට කියා දුන් වග ලෝක ප්‍රකට නිළියක වූ බි්‍රජඩ් බාඩෝ පසු කලෙක පැවැසුවා. අනෙකුත් දක්ෂතාවන්ට අමතරව බටහිර සිනමාවේ සුන්දරතම පියයුරු යුවළ හිමි නිළිය හැටියට ඇගේ කාලයේදී බාඩෝ විචාරක හා ප්‍රේක්ෂක අවධානය දිනාගෙන සිටියා. නිරෝගීමත් හැඩ පියයුරු කාන්තාවකට ආභරණයක්. ආඩම්බරයක්. කෙනකුගේ ශරීරයේ උස, මහත, දේහ ස්වභාවය අනුව ඇයගේ පියයුරුවල ප්‍රමාණය හා තරම වෙනස් වෙනවා. ඒවා තරමින් හා ප්‍රමාණයෙන් කෙතරම්ද යන්න එතරම් වැදගත් නැහැ.
කාන්තා ඔබට ලැබුණු ශරීර හැඩය තීරණය වන්නේ ඒ හරහායි. එම නිසා පියයුරුවල ස්වභාවය කෘත්‍රිමව වෙනස් කර ගැනීම නොකළ යුතුයි. පියයුරු හැඩය වෙනස් කර ගෙන කෘත්‍රිම සත්ත්වයකු නොවී ඔබගේ හැබෑ රුව මතු කරගන්න. ඔබගේ පියයුරේ හැඩය තමයි හොඳම හැඩය. හොඳම ප්‍රමාණය, ඔබගේ ශරීරයේ ඉල්ලා සිටින රූපයට ගැළපෙන්නෙත් එයයි. ප්‍රථමයෙන්ම ඒ සත්‍ය වටහා ගන්න.

ළාබාල වියේ සිට ඕනෑම වයසකදී මෙම එල්ලා වැටීම සිදුවිය හැකියි. තරුණ වියේදීම හෝ එතරම් වැඩි වයසක් නොමැති විටකදී ඔබගේ පියයුරු අසාමාන්‍ය ලෙස එල්ලා වැටීම සිදුවී ඇත්නම් ඔබ ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මෙම රෝග තත්ත්වය ස්තත එල්ලා වැටීම නමින් හඳුන්වන අතර බටහිර වෛද්‍ය ක්‍රමය අනුව මෙය ර්ථීබධඵඪඵ ඕපඥචඵබ යන නමින් හඳුන්වනවා.


සාමාන්‍යයෙන් පියයුරු ඉතා මොලොක් හා මෘදු බවක් ගන්නේ එය සෑදී තිබෙන සිනිදු ග්‍රන්ථිමය හා පටක රාශිය නිසයි. එහි මාංස පේශීන් ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ස්තත ග්‍රන්ථි, කිරි නිපදවන නාළ, මේද ස්ථර හා වේද පටකය යන ආදියෙන් පියයුර සමන්විත වෙනවා. මීට අමතරව පියයුරෙහි ශක්තිමත් බව රඳවා ගැනීම සඳහා කූපස් කණ්ඩරා උපයෝගී වෙනවා.

එමෙන්ම පියයුර වටා පිහිටි සමෙහි ශක්තිමත් බව හා ඇදෙනසුලු බවද මේ සඳහා උදවු වෙනවා. එය යම් පමණකට ඇදෙනසුලු ඝනකම් රෙදි කඩක් හා සමානයි. නමුත් මෙම කූපස් කණ්ඩරා ක්‍රියාකාරිත්වය මඳක් අඩු වුවහොත් හෝ පියයුරු වටා පිහිටි සමෙහි ඇදෙනසුලු බව දුර්වල වුවහොත් පියයුරු ඉබේම කඩා වැටීමට ලක්වෙනවා. අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන්ට හා දුම්බොන කාන්තාවන්ට ඉතා පහසුවෙන් ස්තත එල්ලා වැටීමේ රෝගය සෑදෙනවා. මීට අමතරව අධික තරබාරු බව, ගර්භණී බව, ප්‍රමාණය ඉක්මවා විශාල වූ තන ආවරණ පැලඳීම, වෛද්‍ය උපදෙස්වලින් තොරව ශරීර බර අඩු කර ගැනීමට යෑම, පියයුරු තදින් තෙරපීමට ලක්කිරීම, ආර්තවහරණය යන අවස්ථාවලට මුහුණ දුන් කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටීමකට ලක්විය හැකියි. ශරීර ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හෝ හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් මේ සඳහා හේතු වෙනවා.

පියයුරු එල්ලා වැටීම සඟවා ගැනීම සඳහා කාන්තාවන් ඉතා තදට හා හිරට තන අවරණ පලඳිනවා. එය හිත රවටා ගැනීමක්. සරල ක්‍රියාකාරමක් පමණයි. බටහිර වෛද්‍ය ප්‍රතිකාරයේදී පියයුරු එල්ලා වැටීම වෙනුවෙන් සැත්කම් සිදු කරනවා. එන්නත් ලබාදෙනවා. අල්ට්‍රා වයලට් කිරණ ප්‍රතිකාර හා කම්පන ප්‍රතිකාර කරනවා. උපත් පාලන පෙති ලබා දෙනවා. නමුත් මේ සියල්ල හරහා ඇතිවන පසු අනතුරු ගැන කල්පනා කළ යුතුයි. ස්වාභාවිකව පිහිටි පියයුරු කපා ගන්නේ ඇයි? එවිට එහි සංවේදිතාව විශාල වශයෙන් අඩුවී යන වග දන්නවද? එන්නත් කිරීම හා උපත් පාලන පෙති ලබාගැනීමෙන් එය ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරනවා. මෙහි අවසන් ප්‍රතිඵලය ඉතා භයානක විය හැකියි. කාන්තාවන්ගේ මුළු අනාගත සිහින මාලිගයම බිඳී යා හැකියි. ඇය මවක වීම සිහිනයක් විය හැකියි.

සමහරවිට උපදින අහිංසක දරුවා අවාසනාවන්තයකු විය හැකියි. ඉතින් පියයුරක් එල්ලා වැටීම වෙනුවෙන් මේ තරම් වටිනාකමක් පරදුවට තබනවද?
අකාලයේ පියයුරු එල්ලා වැටීම හෙවත් ටෝසිස් බේ‍රස්ට් රෝගය සඳහා ඉතා පහසුවෙන් හා විශ්වාසයෙන් යුතුව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකියි. එල්ලා හැලෙන පියයුරු වටා පිහිටි චර්මය ශක්තිමත් වීමට සහ කූපස් කණ්ඩරාවේ ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත්වීමට පෝෂණීය ආයුර්වේද ප්‍රතිකාර ලබාගත හැකියි. එහි කිසිදු පසු අන්තරායී බවක් ඇත්තේ නැහැ.
Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger