Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Wednesday, September 23, 2015




පිරිමින් ගේ ප්‍රජනක පද්ධතියට අයත් ඉන්ද්‍රියයන් අතර වෘෂණ හා වෘෂණ කෝෂ වැදගත් ස්ථානයක් හිමි කරගනියි. වෛද්‍ය විද්‍යාත්මක ව වැදගත් වන අනතුරු හා රෝග රැසකට ද වෘෂණ කෝෂ ඉලක්ක වෙයි. වෘෂණ කෝෂ තුළ තරලය එකතු වීම හෙවත් හයිඩ්‍රොසීල් (ෑHydrocele)- වෘෂණ ඇඹරමට ලක්වීම, වෘෂණ හා අපිවෘෂණ ආසාදනය මේ අතර සූලබ වෙයි.

වෘෂණ කෝෂ තුළට නියමිත පරිදි වෘ ෂණ ගමන් නොකිරම (Undescent)- කුඩා ළමයින් අතර සූලබ ව හමූවන සිදුවීමකි. මීට අමතරව වෘෂණ කෝෂ පිළිකා, වෘෂණ තුළ වන ශිරාවන් විස්ථාරනය වී පැවතීම හෙවත් වැරිකෝසීල්. අපිවෘෂණ ආශ්‍රිත ගෙඩි ඇතිවීම ද තවත් රෝග අවස්ථා කිහිපයකි.


හයිඩ්‍රොසීල් රෝගය

මෙම රෝගී තත්ත්වයේ දී වෘෂණ කෝෂවලට පිටතින් පටල අතර තරලය එකතුවීමක් සිදුවෙයි. ටෝර්ච් ආලෝකය ඒ මතට එල්ල කළ විට ඉතා දීප්තිමත් ව ආලෝකය දිස්වීම කැපී පෙනෙන ලකෂණයකි. මෙම තත්ත්වය අතිවීමට බලපාන හේතු කිහිපයකි. මින් ප්‍රධානතම හේතුව සොයාගත නොහැකි හේතුවක් මත වසා තරල ප්‍රවාහනය අවහිර වීමයි. උපත ලැබීමේදී වෘෂණ කෝෂ තුළ පටල නිර්මාණයේ ප්‍රමාදවීම නිසා උපත ලබන විට ද මෙවැනි හයිඩ්‍රොසිල් පවතින අතර ඒවා කාලයත් සමග සූව අතට හැරෙයි.

වෘෂණ අපි වෘෂණවල ආසාදන, කෂය රෝගය, වෘෂණ කෝෂ ආශ්‍රිත පිළිකා. වෘෂණ ඇඹරම ආදිය ද මෙයට හේතුවිය හැකියි. මෙවැනි හයිඩ්‍රොසීල් අසාදනයට ලක්වීම (පැසවීම) පිපිරම් තුළට ලක්වීම හා රෝගියාට වන අපහසූව ආදී අතුරු ආබාධ ඇති කරයි. සූළු ශල්‍යකර්මයක් මගින් මෙම තරලය ඉවත් කිරමට දෑන් අවස්ථාව ලැබී ඇත.


වැරිකෝසීල් රෝගය


වෘෂණ වෙතට හා ඉන් ඉවතට රුධිර ප්‍රවාහනය කරන වාහිනී ආශ්‍රිත ශිරාවල විස්ථාරණයන් හා විශාල වීම මේ රෝගයේ දී සිදුවෙයි. ඉතා වැඩි වේදනාවක් වෘෂණ කෝෂවල ඉහළින් ඇතිවෙයි. බොහෝ වේලාවක් හිටගෙන සිටින විට හෝ බර වැඩක නිරත වන විට වේදනා වැඩිවෙයි. මෙම ශිරාවල කපාටවල ක්‍රියාකාරත්වය අඩාල වීමෙන් ශිරා විස්ථාරණය සිදුවන අතර වෘෂණවල සිට ඉවතට ශිරා ඔස්සේ රුධිර ගමන අවහිර වන වකුගඩූ පිළිකාවල දී ද මෙය හමූවෙයි. එවිට වම්පස අර්ධයේ ශිරා ඉදිමීම සිදුවෙයි.

අපිවෘෂණ ආශ්‍රිත තරලය එකතුවීම, ශුක්‍ර ප්‍රණාලවල තරලය පිරි ගෙඩි ඇතිවීම, පහරදීමකට, තැල්මකට ලක්වීමෙන් රුධිරය එකතුවීම ආදී රෝග ද ඇතැම් පූද්ගලයන් වෙතින් හමූවෙයි. මෙවැනි අවස්ථාවකදී ප්‍රවේශමෙන් සිදුකරන වෛද්‍ය පරකෂණයකින් අදාල රෝගය වෙන්කර ගෙන නියමිත ප්‍රතිකාර සිදුකළ යූතුය.

වෘෂණ කෝෂ ආශ්‍රිත ඉදිමීම්, "හර්නියා" ලෙස ඇතැම් පූද්ගලයින් වරදවා සිතන අතර එබැවින් පවූලේ වෛද්‍යවරයා හමූවී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.


වෘෂණ කෝෂ ආශ්‍රිත රෝග තත්ත්වලින් වහා ප්‍රතිකාර කළ යූතු අවස්ථාවක් පවතියි. ඒ වෘෂණ ඇඹරමකට (tersion) ලක්වීමයි. වෘෂණ කෝෂ ඇඹරමට ලක් වූ විට ඒ වෙතට වන රුධිර සැපයූම අඩාල වන බැවින් වෘෂණ මිය යාම සිදුවෙයි. එබැවින් වෘෂණ කෝෂ ඇඹරමක් ගැන සැක කරන වහා ම ළඟම පවතින මූලික රෝහලක් වෙතට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් ය.

මෙම තත්ත්වය වයස අවූරුදු 10 - 20 අතර සූලබ වන අතර එකවර ඇතිවන දෑඩි වේදනාව, වමනය මේ සමග ඇතිවෙයි. අධික ලෙස තැටමීම, බර ඉසිලීම, බයිසිකල් පැදීම වැනි තත්ත්ව සමග මෙය ඇතිවිය හැකිය.

වෘෂණ අපිවෘෂණ ආසාදනය ද වෘෂණ කෝෂ ඇඹරමට සමාන රෝග ලකෂණ ඇති කරයි. එහෙත් එවන් අවස්ථාවකදී වෘෂණ ඉදිමීම, රතු පැහැ වීම උණ වැනි රෝග ලකෂණ ද පවතියි. වෘෂණ නියමිත පිහිටූමේ පවත්වා ගන්නා සම්බන්ධතා පටකවල ලිහිල් බව මෙසේ ඒවා ඇඹරමට හේතු වන අතර හදිසි ශල්‍යකර්මයක් මගින් වෘෂණ යළි නියමිත පිහිටූමේ පවත්වා අනෙක් පස වෘෂණය ද නියමිත පිහිටූමේ සිටින ලෙස කටයූතු කරයි. මෙය Orchidoplexi ලෙස හඳුන්වයි.

ඇතැම් පිරිම් ළමූන් අත් විදින තවත් රෝගී තත්ත්වකි වෘෂණ කෝෂ තුළ වෘෂණ නොපිහිටීම. සියයට දෙකකට ආසන්න පිරිමි ළමූන් මෙයට ලක්වන අතර අඩූ වයසින් ඉපදුන දරුවන් තුළ වඩා සූලභය. මෙසේ නියමිත පිහිටූමක වෘෂණ නොපිිහිටීම නිසා ඒවා උදරයේ, වෘෂණවලට ඉහළින් ආදී ලෙස විවිධ පිහිටූම්වල පවතියි. සමහර විට එක් පසෙක ද තවත් සමහර විට දෙපසට ද වෘෂණ වෘෂණ කෝෂවලට ගමන් නොකරයි. කඔ ීජ්බල ඇල්ට්‍රාසවූන්ඩ් ස්කෑන් ආදිය වෘෂණවල පිහිටූම දෑන ගැනීමට උදව් වෙයි.

අනතුරුවලට ලක්වීම, ඇඹරම, වෘෂණ මිය යාම, පිළිකාවලට ලක්වීම වැනි අතුරු ආබාධ රැසක් මේ රෝගී අවස්ථාව නිවැරදි නොකළ විට සිදුවෙයි. මෙහි වැදගත්ම කරුණ නිසරු භාවයට පත්වීමයි. අඩූම වශයෙන් එක් වෘෂණයක් හෝ කෝෂ තුළ පිහිටි යූතුය.

වෘෂණ ආශ්‍රිත අනෙක් වැදගත් රෝගී ස්වභාවය වෘෂණ පිළිකාවන් ය. මෙහි දී වෘෂ විශාල වීමකට ලක්වන අතර වේදනාවෙන් තොරය. වෘෂණ ඉතා තද ස්වරූපයක් දරයි. වැඩි වශයෙන් තරුණයන් තුළ මේ පිළිකා හමූවන අතර මූල් අවස්ථාවේදීම හඳුනාගැනීම මගින් සාර්ථකව ප්‍රතිකාර කළ හැක. නිසරු භාවය මෙහි දී අතුරු ආබාධයකි. මෙම පිළිකාවන් ද සමහර අවස්ථාවල දි ශරරයේ වෙනත් ස්ථාන කරා පැතිරි යා හැක. අක්මාව, වකුගඩූ පෙනහළු මොළය හා කොඳු ඇට පෙළ ඒ අතර ප්‍රධාන වෙයි.

මේ අනූව වෘෂණ කෝෂ ආශ්‍රිතව යම් සෞඛ්‍ය ගැටලුවක් පවතීනම් පවූලේ වෛද්‍යවරයා හමූවී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය. 
Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger