ලෝකයේ ඉහළම ගෙවීමක් ලබන සුරූපී නිරූපිකාවන් පස් දෙනා අතර සිය නම රඳවා සිටින ඕස්ට්‍රේලියානු නිරූපිකාවක වන මිරැන්ඩා කර් පසුගිය දිනක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් කුඩා කල පටන් හැදී වැඩුනේ ඇදුම් නොමැති පරිසරයක බවයි .
ඇය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය පහත දැක්වේ.
ජාත්‍යන්තරයේ සරාගී සලකුණක් ලෙස ඔබේ රුව පළවන විට ඔබට දැනෙන හැගීම කොයි ආකාරද?
මොනම ක්‍ෂේත්‍රයක හෝ ලේබල්ගත වීම විහිළුවක් කියලයි මම හිතන්නේ.
මොකද සරාගී බව කියන්නේ මගේ ජීවිතයේ එකම එක කොටසක් විතරයි. මම හැමවිටම සරාගි නැහැ. නමුත් 100 ක් සරාගී බව දැනවීම වෙනුවෙන් විතරක් මගේ ඡායාරූපය ලොව වටා පළවන බව දකිද්දී මට හිනහ යනවා. මොකද මම ගැන මම දන්න නිසා.
සරාගී නිරූපිකාවක බවට පත්වීම ඔබේ ජීවිතය වෙනස් කළේ කොයි ආකාරයටද?
මම කුඩා කල පටන්ම හැදුණේ වැඩුණේ ගොඩක් ඇඳුම් අඳින්නේ නැති පරිසරයකයි. කුඩා කල පටන් මගේ දෙමාපියෝ මාව හැදුවේ ඒ විදියටයි. ඒක මට නිදහසක්.
නිරූපිකාවක බවට පත්වුණු පසුවත් මට වැඩිපුර ආරාධනා ලැබුණේ එවැනි විලාසිතාවලින් සැරසෙන්නයි. ඉතින් මට විශේෂයෙන් එයට හුරුවන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා කෙටි ඇඳුම්, නාන ඇඳුම්, දුහුල් ඇඳුම් ආදිය අඳින්නට සිද්ධ වීමෙන් මම විශේෂ අපහසුතාවකට පත් වුණේ නැහැ.
ඔබ රූපය නඩත්තු කිරීමට රූපලාවණ්‍ය සත්කාර කරන්නේ කොහොමද?
මම රූපලාවණ්‍ය සත්කාර ගැන පමණට වැඩියෙන් වධවෙන්නේ නෑ. නිතර මුහුණේ අතපයවල මේකප් ගල්වන නිසා දින දෙක තුනකට වතාවක් මම ක්ලෙන්සර් කිරීමක් කරලා සම පිරිසිදු කර ගන්නවා. ඊට අමතරව මගේ සමේ වියළි බව දුරුකර ගැනීම වෙනුවෙන් මම මුළු ශරීරයේම මොයිස්චර්රයිසීන් ක්‍රීම් වර්ගයක් ආලේප කරනවා.
ඔබේ ලස්නන මේකප් එක ගැනත් අපට රහස් එළිකරනවද?
මේකප් කිරීම ඇතැම් විට වෙහෙසකරයි. බොහෝ විට මාව හැඩ ගන්වන්නේ වෘත්තීමය ශිල්පීන් විසිනුයි. නමුත් ගෙදර සිට පිටතට යන අවස්ථාවලදී පුංචි සරළ මේකප් එකක් මම ම කරගන්නවා.
සමේ පාට ක්‍රීම් වර්ගයක් ආලේප කරලා, පවුඩර් ගල්වනවා. ඊළගට ඇස් හැඩකර ගන්නවා. තොල්වල ගල්වන තොල් සායම් චුට්ටක් අතේ ඇගිල්ලට අරගෙන කම්මුල් මත තවර ගන්නවා. ඇත්තටම අන්න ඒක තමයි රහස. එතකොට හරි ලස්සනක් එනවා.
සුවඳ විලවුන් භාවිතය ගැන යමක් කිව්වොත්?
මගේ සූදානම් වීමේ චාරිත්‍ර අතර අවසාන එක තමයි ඒක. සුවඳ විලවුන් බෝතලය කෙළින්ම මගේ සම මතට විදගන්න මම ආස නැහැ. ඇතැම් විට ඒවා මගින් අත්යට දුර්වර්ණ වන බව මම අහලා තියෙනවා.
එනිසා මම සුවඳ විලවුන් ගල්වන්නේ මගේ ඇඳුමටයි. කොණ්ඩය පීරුවට පස්සේ කෙස් අගටත් මම එයින් සුවඳ ටිකක් ගල්වනවා.
ඔබ ඛෙහෙත් ගැල්වූ එළවළු හා පලතුරු අනුභව නොකරන බවට රාවයක් තිඛෙනවා.?
අනිවාර්යයෙන්ම. මම පුළුවන් හැමවිටම කෘත්‍රිම ආහාර බඩට දමා ගැනීමෙන් වැළකී ඉන්නවා. ඒ වගේම එළවළු, පලතුරු වුණත් ඛෙහෙත් ගල්වා ඇත්නම් මම අනුභව කරන්නේ නැහැ.
ඒ ආහාර රටාව ඔබේ සුන්දරත්වයට හේතුවක් බව ඔබ හිතනවද?
පැහැදිලිවම ඔව්. මම උදේ අවදි වුණු ගමන්ම පලතුරු හෝ එළවළු යුෂ වීදුරුවක් පානය කරනවා. එය නොබිව දවසට මට හරිම කනගාටුවක් දැනෙනවා.
ඔබ විවාහය අතහැරලා යළි තනිකඩ ජීවිතයක් පටන් ගත්තා. දැන් කොහොමද ජීවිතේ?
මට මගේ ගැන තනිවම කල්පනා කරලා බලන්න නිදහසක් මට මේ කාලයේ ලැබිලා තියෙනවා. ඉතිං මම හිතනවා ඒත් මේ හුදෙකලාව පීඩනයක් නොවෙන විදියට ඉන්න, මම නිතර පරිස්සම් වෙනවා.
ඔබව වැඩිපුරම සතුටු කරවන කෙනා කව්ද?
කතා දෙකක් නෑ. ඒ මගේ පුංචි කොලු පැටියා. පුතා මාව හරියට හිනාගස්සනවා. එයාගේ සමහර හුරතල්වැඩවලට මට හිනහව නතර කරගන්න බැරි වෙනවා.

0 comments :
Post a Comment