Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Wednesday, May 18, 2016






චනය අසා තිබුණාට බොහෝ දෙනෙක් හරියාකාරව නොදන්නා, කතා බහ කිරීමට ලැජ්ජා වන ‘උපත් පාලනය’ ගැන අපි මීට පෙරත් ලිපියක් මගින් සාකච්ඡා කළා. ‘ඒ හදිසි ගැබ් ගැනීමක් වළක්වන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ. මෙම ලිපිය මගින් අවධානය යොමු කරන්නේ තවත් දැනට තිබෙන ඉතාම ආරක්‍ෂිත උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකෙන අතේ තැන්පත් කරන උපත් පාලන කූරු එහෙමත් නැත්නම් නෝ ප්ලාන්ට් (NO PLANT) පිළිබඳවයි.

ජඩෙල් (Jadelle)

අතේ තැන්පත් කරන උපත් පාලන කූරු කියන විටම සිහියට එන්නේ වඩාත්ම ප්‍රචලිත වෙළෙඳ නාමය වන්නේ ජඩෙල්. මෙය කාන්තාවන්ගේ අතෙහි උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරන හෝර්මෝන අඩංගු කුඩා කූරු (කරල්) 2ක්. මේ මඟින් අවුරුදු 5 කට ආරක්ෂාව ලබා දෙනවා. මෙය ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමේ හැකියාව ලබාගත හැකියි.

ක්‍රියාත්මක වන ආකාරය

උපත් පාලන කූරු වල ප්‍රොජෙස්ටෙරොන් (Progesterone) හෝමෝනය අඩංගු වනවා. මෙම කූරු සම යටින් අතේ තැන්පත් කළ විට සිදු වන්නේ ඒවායේ අඩංගු හෝමෝනය සුළු ප්‍රමාණයෙන් ශරීරට කාන්දු වීම මගින් ඩිම්බ මෝචනය වැළක්වීමයි. ඒ වගේම ශුක්‍රාණුවලට ගමන් කිරීමට නුසුදුසු ලෙස ගැබ්ගෙල සකස්වීමද සිදුවනවා.

ජඩෙල් වැදගත් වන්නේ?

ගැබ් ගැනීමකට එරෙහිව ජඩෙල් මගින් 99.9% ක් පමණ ආරක්ෂාවක් ලබා දෙනවා. ඒ වගේම ගර්භාෂයේ සහ ඩිම්බ කෝෂ වල ඇති වෙන පිළිකා තත්වයන් ඇති වීමේ අවදානම ද යම් තරමකට පාලනය කෙරෙන බවයි වෛද්‍යවරු පවසන්නේ. අවුරුදු පහක් සඳහා ක්‍රියාත්මක වීමත් ගිලින පෙති මෙන් දිනපතා ගන්නට සිදු නොවීමත් ජඩෙල් වල ඇති වාසි ලෙස හඳුන්වන්න පුළුවන්.

අතුරු ප්‍රතිඵල

ජඩෙල් තැන්පත් කිරීම නිසා ඔසප් දින වලදී ඇති වන වේදනාව සමනය වීමට පුළුවන්. නමුත් ඒ සමඟම මතක තබා ගත යුතු කාරණය වන්නේ ඔසප් වීම අක්‍රමවත් වීම හා නැවතීමද සිදු විය හැකියි. මේ මගින් ආහාර රුචිය වර්ධනය කරන නිසා ශරීරය තරබාරු වීම ද සිදු වනවා.

මිල

කොන්ඩම්, ගිලින පෙති ආදී උපත් පාලන ක්‍රම හා සංසන්දනය කිරීමේදී ජඩෙල් මිලෙන් අධිකයි. එය වෙළෙඳපොලේ රුපියල් 6000ක පමණ මිලෙන් යුක්තයි. ඊට අමතරව තැන්පත් කිරීම සඳහාද රුපියල් 2000ක් පමණ වැය විය හැකියි.

මිත්‍යා මත

සම යටින් තැන්පත් කිරීම නිසා බොහෝ දෙනා සිතා සිටිනවා ජඩෙල් නිසා තැන්පත් කරන ප්‍රදේශයේ වේදනාවක් ඇති වන බව. නමුත් එය සත්‍යයෙන් තොරයි. මෙම කූරු නම්‍යශීලී නිසා කිසිදු වේදනාවක් ඇති වන්නේ නැහැ.. එමෙන්ම තැන්පත් කිරීම සිදු කරන වට එම ප්‍රදේශය හිරි වට්ටවන නිසා එහිදීද වේදනාවක් ඇති නොවන බව කිව යුතුයි.
Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger