Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Thursday, May 12, 2016




උපත් පාලන ක්‍රම පිලිබඳ කතා කරන විට කොන්ඩම් හෙවත් උපත් පාලන කොපුවලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. මෙයට ප්‍රධානම හේතුව නම් භාවිතා කිරීම පහසු වීමයි.ෆාමසි, සුපිරි වෙළෙඳසැල් ආදී ස්ථානවලින් පහසුවෙන් කොන්ඩම් මිලදී ගත හැකියි. අනෙක් උපත් පාලන ක්‍රමවලට සාපේක්ෂව මෙහි මිල ද අවම මට්ටමකයි පැවතෙන්නේ.
ලේටෙක්ස් රබර්වලින් නිපදවන මේවා දැන්


විවිධ ආකාරයන්ගෙන් වෙළෙඳපොළේ දකින්නට ලැබෙනවා. වැඩි තෘප්තියක් ලබා ගැනීම සඳහාම නිෂ්පාදිත රළු ගැටිති සහිත කොන්ඩම්, විවිධ රසයන්ගෙන් සහ සුවඳින් යුත් කොන්ඩම්, සුරතාන්තයට පැමිණීම ප්‍රමාද කරවන ආකාරයේ කොන්ඩම්, හොඳ ස්පර්ශවීමක් ලබා දීමට සැකසූ ඉතා තුනී සිනිඳු මතුපිටක් සහිත කොන්ඩම් ආදී බොහෝ වර්ගවල කොන්ඩම් තිබෙනවා.
මේ මොන ආකාරය තිබුණත් තවමත් කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගැනීම ලැජ්ජාවට කාරණයක් බවද ඔබ සිතා සිටින්නේ? බොහෝ විට යම් පිරිමියෙකු කොන්ඩම් මිලට ගැනීමට ගිය විට අසල සිටින ඇතැමුන් ඒ පුද්ගලයා දෙස බලන්නේ වපරැසින්. කාන්තාවක් ගොස් කොන්ඩම් පැකට්ටුවක් ඉල්ලා සිටියහොත් ඇතිවන තත්වය ඉතාම බිය ජනක විය හැකියි. අප සමාජයේ තවමත් පවතින් මෙවන් පසුගාමී තත්වයන් වෙනස් විය යුතුයි.
කොන්ඩම් මිලට ගැනීමට ඇති ලැජ්ජාව නිසා ඒවා නොමැතිව ලිංගික කටයුතුවල යෙදීමෙන් සමාජ රෝගවලට ගොදුරුවනවාට වඩා, අනවශ්‍ය ගැබ් ගැනීම්වලට මුහුණ දීමට සිදුවනවාට වඩා ඇතිවන ලැජ්ජාව පසෙක ලා කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගෙන භාවිතා කිරීම වටිනවා නේද? මිලට ගැනීමට ගිය විට ඔබ ලෙස වපරැසින් බලන අය ඔබ ඉහත කියූ තත්වයකට මුහුණ දුනහොත් ඔබේ උපකාරයට පැමිණෙන්නේ නැහැ. ඒම නිසා එවන් මිනිසු කෙරෙහි ඔබ වද විය යුතු නැහැ.
මෙය කියවන ඔබ කාන්තාවක් නම් ඔබේ ලිංගික සහකරුගෙන් කොන්ඩමයක් පැළඳ සිටින්නැයි ඉල්ලා සිටීමට ඔබට අයිතියක් තිබෙනවා.
ලැජ්ජාව නිසා අනාරක්ෂිතව ලිංගික කටයුතුවලයෙදී ඔබේ ජීවිතය අඳුරු කරගන්නවාට වඩා ආරක්‍ෂිත උපක්‍රමයක් භාවිතා කර ඔබේ සතුට සොයා යාමයි වැදගත් වන්නේ.
ශ්‍රී ලංකාවේ පමණක් නොව පොදුවේ දකුණු ආසියානු රටවල අය මුහුණ දෙන අත්දැකීමක් තමයි කොන්ඩම් මිලට ගැනීමට ගිය විට විඳින්නට වන අපහසුතාවය. එවන් අත්දැකීමක් අලලා සැකසූ වීඩියෝවක් ඔබට පහතින් නැරඹිය හැකියි.
Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger