Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Wednesday, May 18, 2016






ශ්‍රී ලංකාවේ බහුතරයකට ලිංගික අධ්‍යාපනය කියන්නේ තවම ආගන්තුක විෂයක්. තොරතුරු, දැනුම ලබා ගැනීමේ මූලාශ කොතරම් තිබුණත්, අන්තර්ජාලය හරහා ලෝකයට සමීප වීමේ අවස්ථා කොතරම් සුලබ වුවත් ලිංගිකත්වය කියන වචනය පවා අසභ්‍ය වචනයක් යටතට ගැනෙන, ඒ වගේම විවෘතව ඒ පිලිබඳ කතා බහ කිරීමට අකමැති සහ ලැජ්ජා වන පරිසරයක් තමයි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ.
තත්වය එහෙම වුණත් ලිංගික අධ්‍යාපනය කියන්නේ ගැහැණු පිරිමි බේදයකින් තොරව හැමෝගෙම එදිනෙදා ජීවිතයට ඉතාම වැදගත් මාතෘකාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසාමයි Good Housekeeping අපි මේ නව වසරේ ලිංගික අධ්‍යාපනය පිලිබඳ වැදගත් ලිපි මාලාවක් ඔබට ඉදිරිපත් කිරීමට තීරණය කළේ. එහි පළමුවැන්න ලෙස Emergency Contraceptive Pills (ECP) හෙවත් හදිසි උපත් පාලන පෙති පිලිබඳ ඔබ දැනුවත් විය යුතුම කරුණු කිහිපයක් පිලිබඳ පැහැදිලි කිරීමක් පහතින් දැක්වෙනවා.

හදිසි උපත් පාලනයක් කියන්නේ?

කිසියම් උපත් පාලන ක්‍රමයක් නොකඩවා පාවිච්චි නොකරන,ඒත් හදිසියේ ඇතිවුන අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පස්සේ අනවශ්‍ය  දරු ගැබක් හට ගැනීම වලක්වා ගන්න ගැබ් ගැනීමේ හැකියාවක් ඇති කාන්තාවක් භාවිතා කළ යුතු ක්‍රමයක් තමයි හදිසි උපත් පාලනය කියලා කියන්නේ.

හදිසි උපත් පාලනය කියන්නේ ගබ්සාවක් නෙවෙයි

ප්‍රථමයෙන්ම කිව යුතුයි, අපේ රටේ මතයක් තියෙනවා හදිසි උපත් පාලනය කියන්නේ ගබ්සාවක් සඳහා
ඒ කියන්නේ ඇති වූ ගර්භයක් විනාශ කිරීම සඳහා යොදාගන්න වක්‍ර උපක්‍රමයක් කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍යයයි.
හදිසි උපත් පාලන පෙති කියන්නෙත් සාමාන්‍යයෙන් උපත් පාලනය සඳහා භාවිතා කරන ආකාරයේ හෝර්මෝන පෙති වර්ගයක් පමණයි.
නමුත් මේ පෙති වල සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා අධික හෝර්මෝන මාත්‍රාවක් අඩංගු වෙනවා.ඒ වගේම සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා මේ පෙත්තේ සක්‍රිය භාවය වැඩියි.

Postinor 2

Postinor-2 කියන මේ පෙති වර්ගය වෙළඳ පොලේ තියෙන්නේ පෙති දෙකක් අඩංගු කාර්ඩ් එකක් හැටියට.ඉතින් අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මනින් ඒ කියන්නේ පැය 72 ක් ඇතුලත මේ පෙති දෙකෙන් එක පෙත්තක් ගත යුතුයි.ඒ වගේම දෙවෙනි පෙත්ත ගත යුත්තේ පලවෙනි පෙත්ත අරන් පැය 12ක් ඇතුලත.
පෙති ගන්න පරක්කු කරනවා කියන්නේ පෙති වල සක්‍රිය භාවය අඩු වෙන එක. නිසි වෙලාවට, නිසියාකාරයෙන් මේ පෙති ගත්තොත් ගර්භණී භාවයක් ඇති වීමේ හැකියාව 90% කින් විතර වලක්වා ගන්න පුළුවන්.

Postinor 2 ක්‍රියාකරන්නේ මෙහෙමයි.

පෙති වල අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය (ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය විතරක් අඩංගු වගේම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වෙළෙඳ පොලේ තියෙනවා) ඇඟට ඇතුල් වෙලා ඩිම්බ සෛල මුදා හරින එක නවත්වනවා.නැත්නම් ප්‍රමාද කරවනවා.සංසේචන හැකියාව අඩපණ කරනවා.කොටින්ම කිව්වොත් ශුක්‍රාණු හා ඩිම්බ මුණ ගැසීමට ඇති හැකියාව අඩු කරනවා.

භාවිත නොකළ යුතු අවස්ථා

Postinor-2 කාන්තාවකගේ ආර්තව චක්‍රයේ ඕනෑම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන්.ඒත් කිරි දෙන මවක් මේක පාවිච්චි කරන්න කලින් වෛද්‍ය වරයෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න එක වඩා සුදුසුයි.
ඒ වගේම භාවිතා කිරීමෙන් පැය දෙකකට පමණ පසු වමනය යාමක් සිදුවුනොත්,භාවිත කල මාත්‍රාව නැවතත් ලබාගත යුතුයි. වමනය යාමඅවම කරගන්න කිරි වීදුරුවක්‌ බීලා ඊට පස්සේ පෙත්ත ගන්න පුළුවන්.කැමති නම් කාර්ඩ් එකේ තියෙන පෙති දෙකම එක පාර ගත්තත් වැරද්දක් නෑ.

ඇතිවිය හැකි අතුරු ආබාධ

  • ඔක්කාරය,

  • වමනය,

  • අක්‍රමවත් ආර්තව රුධිර වහනය,

  • පියයුරු වේදනාව

  • හිසරදය.

හදිසි උපත් පාලන පෙති පිලිබඳ මතක තබාගත යුතු වැදගත්ම දේ තමයි හදිසි උපත් පාලන පෙත්තක් භාවිත කරන්න ඕනි හදිසි අවස්ථාවකදී පමණයි කියන එක. නිතරමභාවිත කිරීම කොහෙත්ම සුදුසු නෑ. ඒ මගින් විශාල අතුරු ආබාධ ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් අතපසු වී ගිය වෙලාවක අනවශ්‍ය ගැබ් ගැනීමක් වැලක්වීමට පමණක් මේ හදිසි උපත් පාලන පෙති භාවිතා කරන්න පුළුවන්.
Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger