Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Sunday, November 1, 2015



රුව අලංකාර කිරීම සඳහා බොහෝ රටවල කාන්තාවෝ මහත් උනන්දුවක් දක්වති. එහෙත් එහි පවතින අවදානම ඔවුන් නොදත්හ.
ඒ සම්බන්ධයෙන් ඇති වූ අවදාම් තත්ත්ව ද ගත වූ දින කිහිපිය තුළ දී දක්නට ලැබුණි. ඔවුන් ඒ සඳහා දිවි පරදුවට තබන අවස්ථා ද පවතින බවට ඉකුත් දිනවල දී සිදු වූ ක්‍රියාවලින් මනා ලෙස ප්‍රකට විය.
රුව සැකසීමේ දී බාහිරින් සිදු කරන ප්‍රතිකර්ම මෙන් ම සිරුරේ අභ්‍යන්තර වශයෙන් සිදු කරන ප්‍රතිකර්ම වශයෙන් කොටස් 02 කි. මෙම අවස්ථා දෙකේ දී ම ශල්‍යකර්ම දක්වා දිවෙන අවස්ථා ඇත.
මෙම ප්‍රතිකර්ම සිදු කිරීම සඳහා රූපලාවන්‍ය ශිල්ප ශිල්පිණියන් මෙන් ම ශරීර අලංකාර කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලද වෛද්‍යවරු ද සිටිති.
ඉතා ඉවසිල්ලෙන් සහ ප්‍රවේසම්කාරී ලෙස සිදු කරන මෙම රූපලාවන්‍ය සැත්කම් සාමාන්‍යයෙන් රෝගියෙකුට වෛද්‍යවරුයෙක් සිදු කරන ප්‍රතිකාරයත් ශල්‍යකර්මයත් අතර විශාල වෙනසක් පවතී.
රුව රැක ගැනීමට ශල්‍යකර්ම සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ අභිමතය පරිදි ඒවා සිදු කිරීම විශේෂත්වයකි. මන්ද රෝගයකට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයා වෙත පැමිණෙන රෝගියාට ප්‍රතිකාර කරන්නේ වෛද්‍යවරයාගේ අභිමැතිය පරිදි ය.
ස්වභවයෙන් අලංකර බව හිමි ව තිබෙන ශ්‍රී ලාංකික කතුන් ද තොල් පාට කරති. නිය වර්ණ ගන්වති. ඔවුන් මේ සියල්ල සිදු කරන්නේ තම තරුණ බව පෙනුමෙන් රැක ගැනීමේත් වෙනත් අයගේ ආකර්ශනය දිනා ගැනීමේත් අපේක්ෂාවෙනි.
මෙහි දී තමන්ට අවශ්‍ය පරිදි මුහුණේ හැඩය, ශරීරයේ හැඩය හා වර්ණය ද සිරුරේ ඇති ලප කැළැල්, වෙනත් විකෘතිවීම්, රෝම ඉවත් කිරීම් ආදී  සියල්ල කර ගැනීමට හැකි වේ.
ලෝකයේ කාන්තාවන් අතර ඉතාමත් බහුල හා වඩාත් ප‍්‍රචලිත රූපලාවන්‍ය ක‍්‍රමයක්වන්නේ ඇහිපිය සකස් කිරීමයි.
එහි දී ඇස් වටා ඇති රැළි ඉවත්කර ඇසි පිය යම් තරමක් ඉහළට කර සාදයි. ඇතැම් විට ඇසිපියෙහි ඇති රෝම මුළුමනින් ම ඉවත්කර කෘතිම ඇහි පිහාටු ඇදීම සිදුකරයි. 
ඇහේ සම වටා ඇති මේදය ඉවත් කර ඇසේ ඇති තද බව නැති කැර දැමීමේ හැකියාව ද ඇත. මෙය සිදු කරන්නේ එන්නත් භාවිත කරමිනි. ඒ සඳහා දින ගණන් රෝහල්ගතවීමට අවශ්‍ය නොවන බව රූපලාවන්‍ය ශිල්පීහු කියති. එන්නත් භාවිත කරමින් මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය සිදු කරයි.
තවත් බහුලව සිදු කරන රූපලාවන්‍ය ක‍්‍රමයක්වන්නේ මුහුණේ ඇති විකෘතිතා ඉවත් කිරීමයි. මෙය ඉතා සංකීර්ණ කි‍්‍රයාදාමයකි. දත්වල විකෘතිතා සැකසීම, හනුවල වෙනස්වීම් යළි සැකසීම, ඇතැම් පුද්ගලයන්ගේ මුහුණේ අස්ථි ඇතුළට ගිලී ගොස් ඇත්නම් ඒවා සැකසීම, හිස් කබලේ හැඩය නිසි පරිදි සැකසීම වැනි සංකීර්ණ ශල්‍යකර්ම ද මේ සඳහා යොදා ගනී. ඒවා පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලයකගේ මෙහෙයවීමෙන් ශල්‍යාගාරයක දී නිර්වින්දනය කර සිදු කරන ශල්‍යකර්ම වේ. 
මෙවැනි ශල්‍යකර්මවල දී අස්ථි බද්ධ කිරීම ද සිදු කරයි. මෙවැනි සැත්කම් වැඩිපුර ම සිදුකරන්නේ නාසය අවට ප‍්‍රදේශයේ බව වෛද්‍යවරුන් පවසති.
විදෙස් කාන්තාවන් අතර වඩාත් ජනපි‍්‍රය සැත්කමක්වන්නේ පියයුරු ආශි‍්‍රත සැත්කම් ය. පියයුරු විශාල කිරීම, කුඩා කිරීම හා එල්ලා වැටීම වැළැක්වීම සඳහා මේ සැත්කම් සිදු කරයි. පියයුරු විශාල කිරීමේ දී පියයුරුවලට පහළින් පැල්මක් යොදා එතුළින් සිලිකන්වලින් නිර්මාණය කරන ලද උපකරණයක් පියයුරු මාංශපේෂිවලට යටින් තැන්පත් කිරීමෙන් ඒවා වඩාත් විශාල කරයි.
පියයුරුවල ඇති මේදය, වඩාත් විශාල වූ මාංශ පේෂි හා සමේ කොටස් ඉතා පරෙස්සමෙන් ඉවත් කිරීම මගින් පියයුරු කුඩා කිරීම වෛද්‍යවරු සිදුකරති. 
මේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීමෙන් පසු පියයුරුවල අලංකාරය වැඩිවන ආකාරයට හැඩයට සැකසීම සිදු වේ. මෙය ශල්‍යාගාරයක නිර්වින්දනය කර සිදුකළ යුතු සැත්කම්වන අතර ඒවා මිල අධික සැත්කම් ද වේ.
මෙහිදී සැත්කම් සිදු කළ කැළල දිගටම පැවිතිය ද එය පියයුරුවලට යටින් පිහිටන බැවින් එළියට පෙනෙන්නේ නැත.  වෛද්‍යවරුන් පවසන්නේ මේ සඳහා වයස්ගත කාන්තාවන් ද විශාල වශයෙන් පැමිණෙතත් වයස්ගත වූ විට එවැනි සැත්කමකින් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීම අපහසු බවයි. 
එමෙන් ම වයස්ගත වී සැත්කම කළහොත් අතුරු ආබාධ ඇති වීමට තිබෙන ඉඩකඩ ද වැඩි බව ඔවුහු පෙන්වා දෙති.
පියයුරු වඩාත් පෘෂ්ඨිමත් කිරීමේ දී එල්ලා වැටෙන පියයුරුවල පේශි තද කිරීමෙන් දැඩි බවක් ලබා ගැනීමේ හැකියාව පවතී. එහි දී බොහෝ විට පියයුරේ පහළින් ඇති පේශි හා මේදය ඉවත් කිරීම සිදු වේ. 
මෙහි දී වැඩි වශයෙන් ම ඉවත්කරන්නේ තන පුඩුව ආශි‍්‍රත පේශි කිහිපයකි. එය සිදුකරන්නේ පළමුව තන පුඩුව අවට ප‍්‍රදේශය විවෘත කැර පේශීන් ඉවත් කිරීමෙනි. පසු ව සම එකතුකැර නැවත තන පුඩුව බද්ධ කරයි.
මෙමගින් පියයුරුවලට වඩාත් තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකි වේ. මේ සැත්කම් සදහා අවශ්‍ය වුවහොත් සිලිකන්වලින් නිපද වූ උපකරණ ද භාවිත කරයි.
නිරූපිකාවෝ විශේෂයෙන් ම තමන්ගේ පිසුපස තට්ටම් ප‍්‍රදේශය ද විශාල කැර ගැනීමේ සැත්කම් කරවා ගනිති. මෙහි දී සිදුවන්නේ මේදයට අමතර ව තට්ටම් ප‍්‍රදේශයේ සිලිකන් තැන්පත් කිරීමයි. එමගින් වඩාත් පිටුපසට නෙරා ආ තට්ටම් සාදා ගැනීමේ හැකියාව පවතී. ඇතැම් අය තට්ටම්වල පිරී ඇති මේදය ඉවත්කරගෙන තට්ටම් සඳහා සුදුසු හැඩයක් ලබා ගැනීම ද සිදු කරයි.
මුහුණේ කැළල් ඉවත්කර මුහුණ යළි සැකසීම ද බහුලව දක්නට ලැබෙන රූපලාවන්‍ය ක‍්‍රමයකි. මුහුණේ ඇති කැළල් හා ලප ඉවත්කිරීමට අමතරව ඇතැම් අවස්ථාවල දී සිරුරේ වෙනත් ස්ථානයකින් සම ගෙන බද්ධ කිරීම ද සිදු කරයි.
රැළි ඉවත් කිරීම බහුල ව සිදු කරන්නේ කම්මුල් හා ගෙළ අවට ප‍්‍රදේශයේ ය. ඒ අවට රැළි සහිත පේෂි ඉවත් කර පහළට ඇදීම මගින් මෙය සිදු කරයි. රෝහල්ගත වී නිර්වින්දන තත්ත්වයෙන් සිදු කළ යුතු සැත්කමකි.
කැළල් ඉවත්කිරීමේ සැත්කම් කළ ද සැබැවින් ම එහි දී සිදු කරන්නේ තිබූ කැළල මතුපිටින් තවත් කැළලක් ඇති කිරීමයි. මෙවැනි කාර්යයක දී වැරදීමක් වුවහොත් කැළල මගින් මුහුණ හෝ ශරීරය මුළු මනින්ම විරූපී වීමට වැඩි ඉඩකඩක් ඇත. මෙහි දී කැළල් වැසෙන පරිදි සම බද්ධ කිරීම හෝ වළ ගැසුණු කැළැල් ඉවත් කිරීමේ දී එන්නත් භාවිත කිරීම සිදු වේ.
කෙනෙකුගේ නිකටේ ස්වභාවය ඔවුන්ගේ පෞරුෂයට සෘජුව ම බලපායි. මේ නිසා විදෙස් කාන්තාවෝ තම නිකට ගැන විශේෂයෙන් සැළකිල්ලක් දක්වති. නිකටේ හැඩය වෙනස් කිරීම සඳහා අනවශ්‍ය මේදය ඉවත් කිරීම් හා එන්නත් ලබා දීම ද සිදු කරයි.
සිරුරේ ඇති අනවශ්‍ය මේදය ඉවත්කරමින් උදරය නිසි පරිදි සකසා ගැනීම තට්ටම් නිසි පරිදි සකසා ගැනීම බහුල ව සිදුවන්නකි. 
මේ ක‍්‍රමයේ දී සිදුකරන්නේ සිරුරේ එක්තු වී ඇති මේදය බටයක් යොදාගෙන ඉවත් කිරීමයි. චූසන උපකරණයක් යොදාගෙන වැඩිපුර ඇති මේදය ඇද දමයි. උදරය, තට්ටම්, උකුල, කළව, අත්, මුහුණ හා පපුව ආශි‍්‍රත ව මෙලෙස මේදය ඉවත් කිරීම සිදු වේ.
නියපොතු සැකසීම, කොණ්ඩය, තොල් හා නිය පාට කිරීම ද රූපලාවන්‍ය කටයුතු වුව ද ඒ සඳහා වෛද්‍යවරුන්ගේ සහය අවශ්‍ය නැත. තමන්ටම කැරගත හැකි රූපලාවන්‍ය කටයුතු ය.
කෙසේ වුව ද දැන් ලොව පුරා කාන්තාවෝ ලස්සනවීම සඳහා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් සැත්කම් කර ගනිති. මේ ආකාරයේ සැත්කම් කර ගැනීමට ගොස් මිය යන පුද්ගලයේ ද සිටිති. පසුගිය දා බම්බලපිටියේ දී වෛද්‍යවරියක මිය ගියේ ද එවැනි රූපලාවන්‍ය කාර්යයක දී ය.
නිර්වින්දනය කර සිදුකරන සැත්කමක් කොතරම් අවදානම් වුව ද කාන්තාවෝ පමණක් නොව රුව ගැන සැළකිලිමත්වන පිරිමි ද කී‍්‍රඩකයෝ ද තම සිරුරේ හැඩය සකසා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කරති.
දැන් දැන් යුරෝපයේ මෙන් ම ආසියාවේ ද තරුණවීමේ සැත්කම් වඩාත් ජනපි‍්‍රය වෙමින් පවතී. චීනය, ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවල් බොහොමයක මේ වෙළදපොළ නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම පියයුරු වර්ධන සැත්කම් මේ අතර ප‍්‍රධාන වේ. තායිලන්තයේ දී තම පියයුරු සාදා ගැනීමට ඕස්ටේ‍්‍රලියාවේ හා යුරෝපයේ කාන්තාවෝ එහි පැමිණෙති.
ඔබ යම් හෙයකින් අන්තර්ජාලයේ “butt enhancement” යැයි සටහන් කර සොයා බැලූවහොත් ඔබට විවිධ වූ ක‍්‍රමවේදයන් සොයා ගැනීමට හැකි වේ.
ඔබ එවැනි ප‍්‍රතිකාරයක් කරගැනීමට අපේක්ෂාකරනවා නම් ඒ ගැන වඩාත් විමසිලිමත් විය යුතුය. මේ ප‍්‍රතිකාරය යම් ආකාරයකින් වැරදී ගියහොත් සිදුවන්නේ ලස්සනවීම වෙනුවට විරූපී කැත පුද්ගලකු බවට පත්වීමයි.
කාන්තාවකට තම තට්ටම් ප‍්‍රදේශය විශාල හා වටකුරු කර ගැනීමට අනිවාර්යයෙන් ම ව්‍යායාමවල යෙදිය යුතු ය. එය නොමිලේම සිදු කරගත හැකි වේ. එහි කිසිදු අනාරක්ෂිත බවක් හෝ අන්තරායකාරී බවක් නොමැත.
තට්ටම් පෙදෙස විශාල කර ගැනීමට එහි පේෂි සඳහා ව්‍යායාම කිහිපයක්ම පවතී. මේ ව්‍යායාම මගින් විශාලවීම පමණක් සිදු නොවේ. එමගින් තරබාරුව අඩුකැර ගැනීම, එල්ලා වැටීම වළක්වා ගැනීම හා සිරුරට නිසි හැඩයක් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.
සැත්කමක් මගින් තම අවයව විශාල කරගන්නේ නම් ඒ සඳහා ඇති එක් ක‍්‍රමයක්වන්නේ මේදය ඇතුළු කිරීම හෝ මේදය තැන්පත් කිරීමයි. මෙය ව්‍යායාම කිරීමෙන් තට්ටම් ලොකු කර ගැනීමට වඩා ඉක්මන් ක‍්‍රමයකි.
මෙහි දී වෛද්‍යවරයා විසින් සැත්කමට ලක්වන පුද්ගලයාගේ ශරීරයේ වෙනත් ස්ථානවල තිබෙන අමතර මේදය ඉවත් කර එම මේදය තට්ටම් ප‍්‍රදේශයට ඇතුළත් කර හැඩය සකසයි. 
බොහෝ කාන්තාවන් මේ ක‍්‍රමයට කැමැත්තක් දැක්වන්නේ වැඩිපුර මේදය ඇති තැනින් මේදය ඉවත් කිරීම හේතුවෙන් සිහින් බව ලැබී තමන්ට අවශ්‍ය පරිදි වෙනත් තැනක් විශාල කැර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි.

මේ සිලිකන් උපකරණ ඝන තත්ත්වයට ආසන්න ද්‍රව්‍යයකින් රබර් ගුණයට සමාන ලෙස සකස් කරන ලද්දකිය. එය කැඩී යාමක් හෝ කාන්දුවීමක් සිදුවන්නේ නැත. මේවා බද්ධ කරනු ලබන්නේ කොදු ඇට පෙළේ පහළම කෙළවර ආසන්නයේ මාංශ පේෂි අතරට හෝ ඊට යටිනි. මේ නිසා උපකරණයක් බද්ධ කර ඇති බව පිටතට පෙනෙන්නේ නැත. වෛද්‍යවරුන් පවසන්නේ තට්ටම් විශාලකැර ගැනීමට සිලිකන් උපකරණ යොදා ගැනීම දීර්ඝකාලීන ආයෝජනයක් බවයි.
විදේශීය රටවල දී ශරීරයේ අංග තිරිහන් කරන මිල ගණන් පහත දැක් වේ.
ඇහිපිය සකස් කිරීම - රුපියල් 350,000
මුහුණේ ඇති විකති ඉවත් කිරීම - රුපියල් 600,000
පියයුරු ආශ්‍රිත සැත්කම් සිලිකන් සහිත - රුපියල් 500,000
පියයුරු ආශ්‍රිත සැත්කම් සිලිකන් රහිත - රුපියල් 450,000
මුහුණේ රැලි ඉවත් කිරීම - රුපියල් 400,000
මුහුණේ කැළල් ඉවත් කර මුහුණ යළි සකස් කිරීම - රුපියල් 850,000
කැළල් ඉවත් කිරීම - රුපියල් 330,000
නිකට ආශ්‍රිත සැත්කම් රුපියල් 300,000
ශරීරයේ කොටස් විශල කිරීම - රුපියල් 500,000
ශරීරයේ කොටස් විශල කිරීම (තට්ටම) - රුපියල් 500,000
අනවශ්‍ය මේදය ඉවත් කිරීම - රුපියල් 380,000

Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger